මීගමුවේ සිදුවීමෙන් හානි වූ දේපළ වලට වන්දි ගෙවන්න – අගමැති කියයි
මීගමුවේ ඇතිවු නොසන්නසුන්කාරී තත්ත්වය හේතුවෙන් පුද්ගලික සහ පොදු දේපළවලට සිදු වු අලාභානි තක්සේරු කිරීමෙන් පසුව වන්දි ගෙවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන,උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති හානි පුරණය සඳහා වන කාර්යාල අලාහාභානිය තක්සේරු කිරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.