මීගමුවේ සුනඛයෙකු ගිනිතබා මරා දැමීම සම්බන්ධව පොලීසිය විමර්ශන අරඹයි
මීගමුව කොප්පර හන්දියේ ප්‍රදේශයේ නිවසක කූඩු කර සිටි සුනඛයෙකු ගිනි තබා මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
දෙසැම්බර් 31 වනදා රාත්‍රියේ කූඩුවට භූමිතෙල් ගසා සුනඛයාට එලෙස ගිනි තබා ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
පිළිස්සුම් තුවාල ලබා සිටි එම සුනඛයා ඊයේ (01) මියගොස් තිබෙනවා.
එලෙස මරා දැමූ සුනඛයා ලැබ්බ්‍රඩෝ වර්ගයේ සුනඛයෙකු වනවා.
මේ සම්බන්ධයෙන් ලැබුනු පැමිණිල්ලකට අනුව මීගමුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.