News

මුතුරාජවෙල රක්ෂිතයේ ගින්න නිවීමට MI 17 හෙලිකොප්ටරයක්

මුතුරාජවෙල රක්ෂිතයේ බෝපිටිය ප්‍රදේශයේ හටගෙන තිබෙන ගින්න නිවා දැමීමට ගුවන් හමුදාවට අයත් එම්.අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරයක් යොදා ගෙන තිබෙනවා.

එම හෙලිකොප්ටරය මේ වන විට කටුනායක ගුවන්තොටුපලෙන් පිටත්ව ගොස් ඇති බවයි ගුවන් හමුදාව පැවසුවේ.

ගින්න නිවා දැමීම සදහා වත්තල, පමුණුගම යන පොලිස් ස්ථානවල සහ ප්‍රදේශවාසීන් ද කටයුතු කරමින් සිටිනවා.

මෙම ගින්න ඊයේ පස්වරුවේ හටගත් බවටයි තොරතුරු වාර්තා වන්නේ.