News

මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වැඩබලන රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කෙරේ

මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.ජී සුමනසිංහ මහතා වැඩබලන රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කර තිබෙනවා.

අද පෙරවරුවේ මෙම පත් කිරීම සිදුකළ බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී.එස්.එම්. චාල්ස් වෙනුවට නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු පත් කිරීමට එරෙහිව රේගුවේ සේවකයන් ඊයේ (30) පස්වරුවේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ අතර එය තවදුරටත් ක්‍රියාත්මකයි.