News

මුදල් අවභාවිත වී ඇත්නම් මංගල, මලික්, චම්පික, කබීර් වග කිව යුතුයි – තිස්ස

සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරය සිදු කළ වොක්ෂෝල් වීදියේ පිහිටි ප්‍රධාන කාර්යාලය, මගින් මුදල් අවභාවිතාවක් සිදු වී ඇත්නම් ඊට වගකිව යුත්තේ තමා නොව ඊට ඉහළින් සිටි මංගල සමරවීර, මලික් සමරවික්‍රම, පාඨලී චම්පික රණවක, කබීර් හෂීම් යන අය බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් නිවේදනයක් නිකුත් කරමින් තිස්ස අත්තනායක සිදු කර ඇති චෝදනාව සම්බන්ධයෙන් අප කළ විමසීමකදීය.

එම නිසා එවැනි චෝදනාවලට කිසිදු මොහොතක පිළිතුරු ලබාදීමට තමා සූදානම් නොමැති බවද හෙතෙම මෙහිදී පැවසීය.

චාමර පල්ලේගෙදර