මුල්ලේරියාවේදී ව්‍යාපාරිකයෙකුව වෙඩි තබා ඝාතනය කරයි
මුල්ලේරියාව උතුරු ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වෙයි.
ඊයේ රාත්‍රී 7.40ට යතුරු පැදි දෙකකින් පැමිණි නාදුනන පුද්ගලයින් 3 දෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ, 38 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු සිය කැබ් රථය නිවසේ ගරාජයට ඇතුළු කිරීම සඳහා පිටුපසට ධාවනය කරමින් සිටි අවස්ථාවේදී යතුරු පැදි දෙකකින් පැමිණි නාදුනන පුද්ගලයින් 3 දෙනෙකුගෙන් එක් අයෙකු වෙඩි තැබීම සිදු කර පසුව ඔවුන් එම ස්ථානයෙන් පළා ගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය.