මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කාර්යාල දුම්රිය පානදුරට සීමා කෙරේ
දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් බාධා සිදුවූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු තවමත් යථා තත්ත්වයට පත්වී නොමැති බව වාර්තා වෙයි.
ඒ අනුව දුම්රිය මාර්ගයේ අලූත්වැඩියා කටයුතු සිදුකරන බවත් සියලුම දුම්රිය ගමන් පනදුර දක්වා සිමා කර ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.