News

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන ඇති බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.

ගාල්ල සිට කොටුව බලා ධාවනය වූ දුම්රියක් කහව ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය හටගෙන ඇති බවයි.

කාර්මික දෝෂයකට ලක් වූ දුම්රිය යථාතත්ත්වයට පත් කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් යොමු කර ඇතැයි ද දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

මේ හේතුවෙන් කාර්යාලීය දුම්රිය කිහිපයක්ම ප්‍රමාද වී ධාවනය වන බව දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කරයි.