News

මෙරටට සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්

මෙරටට සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්

කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හමුවේ වසා දැමුණු ගුවන් තොටුපොළ නැවත විවෘත කිරීමත් සමඟ මෙම වසරේ ගත වූ මාස 2 තුළ මෙරටට සංචාරකයින් පැමිණීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව මෙම වසරේ ගත වූ කාලය තුළ සංචාරකයින් 5,048 දෙනෙකු මෙරටට පැමිණ ඇත.

පසුගිය ජනවාරි මාසයේදී සංචාරකයින් 1,682 කු මෙරටට පැමිණ ඇති අතර පෙබරවාරි මාසයේදී සංචාරකයින් 3,366 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.