මෙරටදී අත්අඩංගුවට ගත් නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රසිද්ධියේ විනාශය කිරීම ඇරඹෙයි
ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රසිද්ධියේ විනාශ කිරීමේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණයෙන් ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.
මේ වන විට කැලණිය මගුරුවෙල පිහිටි ගබඩා සංකීර්ණයකදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දහසකට අධික ප්‍රමාණයක් මෙලෙස විනාශ කරන අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මුලිකත්වයෙන් අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව මෙම මත්ද්‍රව්‍ය විනාශ කිරීම සිදුකරනු ලබයි.
පොලීසිය මගින් සිය භාරයට ගන්නා මත්ද්‍රව්‍ය සදහා සිදුවන දේ සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින ගැටලුවට විසදුමක් ලෙස ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාවට නංවා ඇත.