මෙරටින් හමුවූ විශාලතම මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් තොරතුරු හෙළිවෙයි
පසුගියදා කොල්ලුපිටියේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක රථ ගාලක කුඩා වෑන් රථ දෙකක තිබී සොයා ගත් මෙරටින් හමුවූ විශාලතම මත්ද්‍රව්‍ය තොගය ඩුබායි රාජ්‍යයේ සිටින මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු දකුණු ආසියානු රටක තවත් ජාවාරම්කරුවෙකු මාර්ගයෙන් මෙරටට එවා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
මෙම ජාවාරම්කරු ඩුබායි රාජ්‍යයේ නිදැල්ලේ සිටින අයෙකු වන අතර, ඩුබායිහි අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ්ගේ කණ්ඩායමේ සම්බන්ධයක් මීට නොමැති බවට ද තොරතුරු අනාවරණවී ඇතැයි පොලීසිය පවසනවා.
ඒ අනුව විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික ජාවාරම්කරුවෙකු ලබා දුන් තොරතුරක් මත අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය තොගය ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් පෙරේදා (23) සවස අත්අඩංගුවට ගනු ලැබුවා.
කොල්ලුපිටියේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක රථ ගාලක කුඩා වෑන් රථ දෙකක ගමන් මලුවල බහා තිබූ එම හෙරොයින් තොගවල බර කිලෝග්‍රෑම් 294 යි ග්‍රෑම් 490 ක් වනවා.
එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 3533ක් වනවා.