මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 166ක් දක්වා ඉහළට
කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් සිව්දෙනෙකු හදුනාගෙන තිබේ.
අද (04) දිනය තුළදී පමණක් මෙරටින් හදුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 7 ක් වේ.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 166 ක දක්වා ඉහළ යනු ඇති.
කොරෝනා ආසාදනයවීමෙන් ශ්‍රී ලංකාවේ පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් රෝහල්ගතව ආසාදිතයින් 130ක් ප්‍රතිකාර ලබන බවයි.
කෙසේ වෙතත් කොරෝනා වෛරසය ආසාදිතයින් 27දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
