News

මෙරට කොරෝනා රෝගීන් ගණන 571 ක් දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් සිව්දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 571ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද (27) දිනය තුළ වෛසරසය ආසාදිත යැයි තහවුරු කර ගත් රෝගීන් 48 දෙනෙක් වාර්තා වී ඇත.