News

මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 89000 ඉක්මවයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 162දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබේ.

ඒ අනුව මෙරටින් හදුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 89024 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර කොවිඩ් ආසාදනය වූ තවත් ආසාදිතයින් 219දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව කොවිඩ් වෛරසයෙන් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 85944ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට කොවිඩ් ආසාදිතයින් 2543දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

කොවිඩ් – 19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 537කි.