News

මෙරට නිෂ්පාදිත බෝට්ටු – නැව් අපනයන ආදායම පහළට

බෝට්ටු සහ නැව් නිෂ්පාදනය කර අපනයනය කිරීමෙන් මෙරට ලබාගත් ආදායම කොවිඩ් වසංගතය නිසා ඇමරිකානු ඩොලර් මිලියන හැට තුනකින් අඩුවී ඇති බව ලංකා අපනයන මණ්ඩලයේ නවතම වාර්තාවකින් කියවේ. මෙරටින් අපනයන කරන නිෂ්පාදනවලින් අඩුම අපනයන ආදායමක් පසුගිය වසරේදී ලැබී ඇත්තේ බෝට්ටු සහ නැව් නිෂ්පාදන අංශයටයි. මෙහි විශේෂත්වය වන්නේ මේ වසරේ මාස තුනක් ගෙවී ගියද තවමත් නිෂ්පාදිත බෝට්ටු හෝ නැව් මෙරටින් අපනයනය නොකිරීමයි.

පසුගිය 2019 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 65ක ආදායමක් මේ මගින් ශ්‍රී ලංකාවට හිමිවී ඇති අතර, 2020 වසරේ ලැබී ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 02ක ආදායමක් පමණි.

නෙදර්ලන්තය, නෝර්වේ, සීෂේල්ස්, ප්‍රංශය, මාලදිවයින, දකුණු කොරියාව, කැනඩාව, ඩෙන්මාර්කය, ඉන්දියාව වැනි රටවල්වලට මෙරට නිෂ්පාදිත බෝට්ටු, මගී යාත්‍රා, නාවික වෙරළාරක්ෂක යාත්‍රා, ගොඩබෑමේ යාත්‍රා හා ධීවර යාත්‍රා අපනයනය කෙරේ.

අශිකා ජයවීර