News

මෙරට මත්ද්‍රව්‍යවල මූලස්ථානය වැලිකඩ බන්ධනගාරයයි – ජනපති

ශ්‍රී ලංකාව තුළ මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේදී අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් දඩුවම් පාලනය කිරීමට උත්සාහ නොකරන ලෙස ලංකාවේ මානවහිමිකම් වෙනුවෙන් පෙනී සිටින ආයතනවලින් කරුණාවෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

අද ( 06) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශක් සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ වන විට ලැබී ඇති වාර්තා අනුව ඉදිරි මායක් දෙකක් ඇතුලදී ලංකාවේ මරණිය දණ්ඩණය ක්‍රියාත්මක කිරීම සිදු කරන බවත් කුමන බාධක පැමිණියත් එය සිදු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනපතිවරයා සදහන් කළේ මෙරට මත්ද්‍රව්‍ය ඡාවාරමේ මූලස්ථානය වැලිකඩ බන්ධනාගාරය බවයි.

තමන් වගකීමෙන් යුතුව එය ප්‍රකාශ කරන බවද ජනපති සදහන් කළා.