මෙරට මුහුදේ මසුන් මරන්න ඉන්දියානුවන්ට අවස්ථාව
ඉන්දීය ධීවරයන්ට මෙරට මුහුදේ මසුන් මැරීමට බලපත්‍රයක් නිකුත් කරන බවට මාධ්‍ය හරහා පළවූ වාර්තා ගැන කරුණු පැහැදිලි කරමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීවේය.
‘‘ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු තීරයේ නීති විරෝධීව සිදුකරන මසුන් මැරීමේ ප්‍රශ්නය දීර්ඝ කාලයක් තිස්සේ ඇති බරපතළ ගැටලුවක්. මේ ප්‍රශ්නය විසඳීම සඳහා ශ්‍රී ලංකාව හා ඉන්දීය රජය අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා පැවැත්වෙනවා.
එක් විකල්පයක් ලෙස ඉන්දීය ධීවර යාත්‍රා යම් ප්‍රමාණයකට සාමාන්‍ය ආකාරයෙන් මසුන් ඇල්ලීම සඳහා සතියකට වරක් අධික මුදලක් අය කරමින් බලපත්‍රයක් ලබාදීම පිළිබඳවද දෙරට රජයන් අතර සාකච්ඡා කිරීම එක් විකල්පයක්. එසේ බලපත්‍ර ලබාදෙන සීමිත ධීවරයන් කොටසකට පමණක් අවසර ලබාදීම මගින් මේ ප්‍රශ්නයට යම් විසඳුමක් ලබාදීමට හැකිදැයි සොයා බැලීමට කටයුතු කරනවා.
නමුත් මේ පිළිබඳව තවමත් තීරණයක් අරගෙන නැහැ. ශ්‍රී ලංකා මුහුදේ මසුන් මැරීමට ඉන්දීය ධීවරයන්ට අවසර ලබාදීමට කටයුතු කරන බවට කිසිදු අවස්ථාවක ප්‍රකාශයක් කළේ නැහැ. ඉන්දීය ධීවරයන් නීති විරෝධීව අපේ මුහුදු සීමාවට ඇතුළුවීම සහ බොටම් ට්‍රෝලින් ක්‍රමයට මසුන් මැරීම යන ප්‍රශ්න විසඳීම සඳහා අවශ්‍ය පියවර ඉදිරි කාලයේදී ගන්නවා’’ යැයිද කීවේය.