මෙරට ලිහිසි තෙලට විදෙස් පරීක්ෂාවක්
දේශීය වෙළෙඳපොළේ අලෙවි කරන ලිහිසි තෙල් වර්ගවල තත්ත්ව පරීක්ෂාවක් විදේශීය රටකදී සිදු කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සූදානම් වෙයි.
දේශීය වෙළෙඳපොළේ ලිහිසි තෙල් අලෙවි කිරීමට සමාගම් දහතුනකට අවසර දී ඇති අතර ඔවුන් මේ වන විට නිෂ්පාදන විසි දෙකක් අලෙවි කරයි.
නමුත් වර්තමානයේ වාහන එන්ජින් අකර්මණ්‍ය වීම් ඉහළ යාමට බාල වර්ගයේ ලිහිසි තෙල් වෙළෙඳපොළට නිකුත් වීම සහ බලපත්‍ර නොමැති ලිහිසි තෙල් සමාගම් ප්‍රමිතියෙන් තොර ලිහිසි තෙල් අලෙවි කිරීම යන කරුණු බලපා ඇති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පෙන්වා දෙයි.
මේ අතර වාහන අලුත්වැඩියා කරන ස්ථානවලදී භාවිතයෙන් ඉවත් කරන ලද ලිහිසි තෙල් යළි මිශ්‍ර කර පාරිභෝගිකයාට අලෙවි කිරීමේ ජාවාරමක්ද සොයාගෙන ඇත.
වාහන හිමියන් ලිහිසි තෙල් මිලදී ගැනීමේදී ප්‍රමිතිය නොව මිල කෙරෙහි දැඩි අවධානය යොමු කරයි. එම නිසා ලිහිසි තෙල්වල නියම ප්‍රමිතිය සොයා ගැනීමට රසායානාගාර පරීක්ෂණයන් සිදු කිරීමට නියමිතව ඇත.
උදයජීව ඒකනායක
