News

මෙවර අයවැය ජනතාව පීඩනයට පත් කරන අයවැයක්

මෙවර අයවැය ජනතාව පීඩනයට පත් කරන අයවැයක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ තරංගනී සිනමා ශාලාවේ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙම අයවැයෙහි බල පෑම ඉදිරි අනාගතයේදී ජනතාව දැක ගනීමට හැකි වනු ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.