මෙවර ඉන්ධන මිල සංශෝධනය නොකෙරේ – මුදල් අමාත්‍යංශය
ඉන්ධන මිල සූත්‍රය යටතේ මෙවර ඉන්ධන මිල සංශෝධනය නොකරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ ජාත්‍යන්තර වෙළඳපොළෙහි ඉන්ධන මිල අඛණ්ඩව වැඩිවෙමින් පැවතුන ද, උත්සව සමයේදී ජනතාවට සහන සලස්වීම සඳහා ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකිරීමට තීරණය කළ බවයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ යමින් පවතින අතර පසුගිය මාර්තු මාසයේ ඇ.ඩො. 67ක්ව පැවැති බොර තෙල් බැරලයක මිල අද වන විට ඇ.ඩො. 74 දක්වා ඉහළ ගොස් තිබේ. එසේ ජාත්‍යන්තර ඉන්ධන මිල වැඩි වුව ද මෙම උත්සව සමයේ දී ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් කිසිදු ඉන්ධන වර්ගයක මිල වැඩි නොකිරීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.