මේජ් ජෙනරාල් රුවන් කුලතුංග ජාතික බුද්ධි ප්‍රධානී තනතුරට
ජාතික බුද්ධි අංශ ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් රුවන් කුලතුංග මහතා පත් කර තිබේ.
සෞඛ්‍ය හේතු මත දන්වමින් විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා ජාතික බුද්ධි ප්‍රධානි ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ඉන් පුරප්පාඩු වූ මෙම තනතුර සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත මේජර් ජෙනරාල් රුවන් කුලතුංග මහතා මෙලෙස පත් කර ඇත.
හෙතෙම යුධ හමුදා පාබළ රෙජිමේන්තුවේ අධිපති සහ ආරක්ෂක සේනා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ සේනා විධායක ලෙසද තනතුරු හොබවමින් සිටියේය.
