මේන් ස්විච් එකෙන් ඕෆ් කරන්න
කිසිදු ස්ථීර විසඳුමකින් තොරව විදුලිය කප්පාදුව පවත්වා ගෙන ගොස් ‘පැය 24ම විදුලිය ලැබෙනවා නම් බිල වැඩි වුවත් කමක් නැහැ’ කියන මනසට විදුලි පාරිභෝගිකයා ඇද දමා විදුලි බිල වැඩි කිරීමත් ඞීසල් විදුලිබලාගාර මාෆියාවෙන් වැඩි මිලට විදුලිය මිලදී ගැනීමත් ආණ්ඩුවේ අරමුණ වී ඇතැයි ජානිපෙ පෙන්වා දෙයි.
අද(28) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවක දී එහි ප්රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා එසේ පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.
‘‘විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවි කරුණානායක මහතා කියනවා, ‘වැඩිවන විදුලිය ඉල්ලූමට අවශ්‍ය සැපයුම ලබාදීමට ගෙවී ගිය වසර 04 තුළ ආණ්ඩුවට වැඩපිළිවෙළක් තිබුණේ නැහැ’ කියා. මේ සතියේ රැස්වුණු කැබිනට් මණ්ඩලය මේ විදුලි අර්බුදයට පිළියමක් ලෙස අපූරු යෝජනාවක් සිදු කර තිබෙනවා. එනම්, ‘එක් නිවසකින් විදුලි පහන් දෙකක් නිවා දමන්න’ කියා. ඊළඟ සතියේ තවත් දෙකක්. එහෙම සති දෙක තුනක් ගියාම කියාවි, ‘මේන් ස්විච් එකෙන් ඕප් කරන්න’ කියලා. මේ අනුව පෙනී යනවා, ප්‍රතිපත්තිමය තීරණ ගත යුතු කැබිනට් මණ්ඩලය අද ජනතාවට විහිළු සපයන ස්ථානයක් බවට පත්ව තිබෙන බව. එදා මහින්ද රාජපක්ෂ පාලන සමයේ විදුලි අර්බුදය පිළිබඳව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡුා වුණු අවස්ථාවල දී තීන්දු කළේ නොරොච්චෝලේ, කෙරවලපිටිය, සම්පූර් වැනි ජාතික විදුලි පද්ධතිය ශක්තිමත් කෙරෙන නව විදුලි බලාගාරය ඉදිකිරීමටයි.