News

මේ ඇඩ් හදපු අයට හෙණ ගහපන් – මංගල පාර්ලිමේන්තුවේදී කියයි

බඩු මිල වැඩියි කියමින් ප්‍රචාරය කරන දැන්වීම් දිලිත් ජයවීරගේ පච ෆැක්ටරියෙන් හදපු ඒවා යැයි මුදල් ඇමැති මංගල සමරවීර ඊයේ (23 වැනිදා) ලබන වසරේ පළමු මාස හතර සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

‘බඩු මිල වැඩියි කියලා දැන්වීම් යනවා’ දෙරණ ප්‍රවෘත්ති පත්‍රයේ දිලිත් ජයවීරගේ ගෝඨාභයගේ කළු සල්ලි සුදු කළා යැයි කියන දිලිත් ජයවීරගේ පච ෆැක්ටරියෙන් තමයි මේ දැන්වීම් හදන්නේ.

‘ට්‍රයඩ් ඇඩ් එකෙනුයි ඒ පච ෆැක්ටරියෙනුයි මොනවා කිව්වත් මේ ඇඩ්වල තියෙන්නේ බොරු. ඇඩ්වල තියෙනවා බඩු මිල වැඩි කළ අයට හෙණ ගහන්න ඕනේ. මේ ඇඩ් හදපු අයට තමයි හෙණ ගහන්න ඕනේ. සත්‍යයේ ශක්තිය තියෙන්නේ අපේ පැත්තේ’ යැයි මුදල් ඇමැතිවරයා කීවේය.

අජිත් අලහකෝන්