මේ පාරත් ලැබුණේ ගොඩගන්න අමාරුම අමාත්‍යාංශයක්
“පවතින අධික උෂ්ණතවය මත විදුලි ඉල්ලුම 15% කින් වැඩිවෙලා. එමෙන්ම බලාගාරයන්හි දෝෂ සහගත තත්ත්වයන් නිසා යම් අභියෝගාත්මක වකවානුවකට විදුලි ක්ෂේත්රය පත්වෙලා. අප්‍රේල් මාසේ මැද වෙද්දි මේ තත්ත්වය සමනය වේවි. ඉල්ලුමේ යම් අඩුවක් ඇති වේවි. ඒ සමගම අපි තාවකාලිකව නව ජනන සැලැස්මකට යනවා. අපි ඉතිහාසයට බැනලා වැඩක් නැහැ. තමන් අරපරිස්සමෙන් විදුලිය පරිහරණය කරනවානම්, කප්පාදුවකට නොයා ඉන්න පුළුවන්. හිගයක් පවතිනවා. ඒක හංගන්න අවශ්‍ය නැහැ.
නමුත් තිබෙන විදුලි ප්‍රමාණය අරපිරිමැස්මෙන් පාවිච්චි කරනවා නම්, අපිට ගැටළුවක් ඇති නොවේවි. අපි ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිනවා. සමහරු අහනවා ඇයි කියන්නේ නැත්තේ කියලා. අමාත්‍යාංශයක් බාර අරන් දින 71 කින් ඒ අමාත්‍යාංශයේ ඇතිවන ගැටළු වලට කොහොමද පිළියම් සොයන්නේ. සරත් ෆොන්සේකා මහතා කිව්වේ එතුමාට එදා ලැබුණ යුධ හමුදාවේ අවස්ථාව තුළින්, තවත් කාටවත් අත්විදින්න නොදී යුද්ධය අවසන් කරලා තමයි තවත් කෙනෙකුට දෙන්නේ කියලා
මමත් කියන්නේ මට දීලා තියෙන්නේ බිම් බෝම්බයක් වගේ අමාත්‍යාංශයක්. නමුත් මාස 02 ක් 03 ක් යද්දි ඉතාමත් ශක්තිමත් අඩිතාලමක් මත කටයුතු කරලා, තවත් කිසිම අමාත්‍යවරයෙක්ට මේවගේ ප්‍රශ්න කවදාවත් ඇකි නොවන විදියට කටයුතු කරනවා. 2015 දී මට ලැබුණේ දණ ගහලා, වට්ටලා තිබුණ අමාරු අමාත්‍යාශයක්. මේ පාරත් මට ලැබුණේ යටිතල පහසුකම් අතින් අමාරුම අමාත්‍යාංශයක්.
නමුත් අහිංක ජනතාවට වැඩියෙන් උදව් කරන්න පුළුවන් අමාත්‍යාංශයක්. සතියක්, දෙකක්, තුනක් මට බනීවි. ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීලා නැහැ මේතාක් කාලයකට. දැන් තමයි අපි ඒ තත්ත්වය ගොඩනගාගෙන යන්නේ. නමුත් අපි හදිසි විදුලිය මිලදී ගැනීමකට යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊට වඩා යෝග්‍ය දීර්ඝ ජනන සැලැස්මකටයි අපි යන්නේ ” යැයි විදුලිබල.බලශක්ති සහ ව්‍යාපාර සංර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
ඒ මහතා මෙම අදහස් පලකළේ, පසුගියදා උතුරු කොළඹ ආසනයේ රැකියා විරහිත කාන්තාවන් වෙනුවෙන් ස්වයං රැකියා සදහා මහන මැෂින් ලබාදීමේ උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි. මෙහිදී පවුල් 30 ඉලක්ක කරගනිමින් මහන මැෂින් ලබාදීම සිදුකරන ලදී.