මේ වැස්ස නොවැම්බර් වනතුරුම
දිනපතා පස්වරු දෙකෙන් පසුව ඇතිවන වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වය නොවැම්බර් මස පළමු සතිය වනතුරු පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් කියයි.
අන්තර් මෝසම් තත්ත්වය නිසා සවස් කාලයේදී වැසි ඇතිවන බවත්, දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් සියය ඉක්මවූ වැසිද අපේක්ෂා කළ හැකි බව ඔහු කීවේය. වැස්ස සමග අකුණු ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු කීවේය.
වැසි සමග කඳුකර ප්‍රදේශ නාය යෑමේ අවදානම් තත්ත්වයක් පවතින බැවින් ජනතාව ඒ පිළිබඳ දැඩි අවධානයකින් පසුවීම ඉතා වැදගත් බව භූ විද්‍යාඥයෝ පවසති.
සාලිය කුමාර ගුණසේකර
