මෛත්‍රිගේ උකුසු කතාවට ශ්‍රීලනිපයෙන්ම විරෝධය
පක්ෂය විනාශ වන ආකාරයට තවදුරටත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ නිකුත් කළහොත් මහ මැතිවරණයට පොළොන්නරුවෙන් ඉදිරිපත් නොවී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිිරිසක් සූදානම් වෙති.
ශ්‍රී ලංකා නිදහස පක්ෂ ප්‍රධාන ක්‍රියාකාරිකයකුගේ නිවසේ ඊයේ (05 වැනිදා) පෙරවරුවේ හිටපු මන්ත්‍රීවරුන් රැස්වී මේ පිළිබඳ සාකච්ඡා කර ඇත.
හිටපු ජනාධිපතිවරයා ‘‘උකුසු’ කතාවක් ප්‍රකාශ කිරීම නිසා පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ඇතිකරගත් සන්ධානයද හෑල්ලුවට ලක්වන බව හිටපු මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබේ. මෙම ප්‍රකාශ හේතුවෙන් ගැටලු රැසකට තමන් මුහුණ දී ඇති බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙහිදී ප්‍රකාශ කර තිබේ. හිටපු ජනාධිපතිවරයා තවදුරටත් මෙවැනි ප්‍රකාශ නිකුත් කරන්නේ නම් පක්ෂ මධ්‍යම කාරක සභාව කැඳවා තීන්දුවක් ගැනීමටද මෙහිදී තීරණය කර ඇත.
උදයජීව ඒකනායක
