News

මෛත්‍රීගේ පුතාට පහරදුන් පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කරන්නැයි උපදෙස්

පෑලියගොඩ පොලිස් ස්ථානයේදී නීති ශිෂ්‍යයෙකු වන මිගාර ගුණරත්නට (නීතිඥ මෛත්‍රී ගුණරත්නගේ පුත්) පහරදීමේ සිද්ධිය පිළිබදවම වහාම පරීක්ෂණයක් පවත් වන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.

පරීක්ෂණයක් පවත්වා පෑලියගොඩ පොලිස් ස්ථානයේ අදාළ නිලධාරීන්ගේ වැඩ තහනම් කරන ලෙසට ද අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

 

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිස් මුලස්ථානය නිකුත්කළ නිවේදනය පහතින්,

 

 

මිගාර ගුණරත්න මහතා සැකකරුවකු බැලීම සඳහා පෑලියගොඩ පොලිස් ස්ථානයට ගොස් ඇති අතර එහිදී පොලිස් නිලධාරීන් 10දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් වටවී ඉතා අමානුෂික ලෙසත් කෘර ලෙසත් තම පුත්‍රයාට පහරදී ඇති බව නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා “අරුණට ” පැවසීය.

මේ සම්බන්ධයෙන් මීට පෙර පලකරන ලද පුවත පහතින්…

මෛත්‍රීගේ පුතාට පොලීසිය අමානුෂික ලෙස පහරදෙයි