News

මොරටුව නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීන් 04ක් ආණ්ඩුවට

මොරටුව නගර සභාවේ මාසික මහ සභා රැස්වීමේදී එහි විපක්ෂය වන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ගෙන් 04 දෙනෙකු ආණ්ඩු පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කරමින් ආණ්ඩු පක්ෂයේ අසුන් ගෙන ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු බලය හිමි මොරටුව මහ නගර සභාවේ ජනවාරි මස පළමු මහ සභා රැස්වීම නගර සභාවේදී මේ මොහොතේ පැවැත්වෙන අවස්ථාවේදී මෙම පති මාරුව සිදු වී ඇත.

එක්සත් ජනතා සන්ධානයෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළකරමින් ආණ්ඩු පක්ෂයට එක්වීමෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 27 ක් වන අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 21 කි.