News

මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මරුට (Photos)

යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී අද(15) දහවල් මෝටර් රථයක් කොළඹ සිට යාපනය බලා ධාවනය වු ශිඝ්‍රගාමි දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ අනාරක්ෂිත දුම්රිය මාර්ගයක් හරහා මෝටර් රථයක් දැමීමට උත්සහ කිරීමේදී අනතුර සිදුව ඇති බවයි. අනතුරින් කාර් රථයේ ගමන්ගත් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය සදහන් කළේය.

මියගිය පුද්ගලයාගේ සිරුර යාපනය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති බවද පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.