News

මෝදි ලබන 09 වැනිද දිවයිනට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන 09 වනදා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතව ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති උත්සවයෙන් පසු පළමු විදෙස් සංචාරය මෙය බව වාර්තා වෙයි.

ඒ අනුව ලබන 09 වනදා පෙරවරු 11.00ට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කටුනායක ගුවන්තොටුවල වෙත පැමිණීමට නියමිතයි.

නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ උත්සවය එදින මධ්‍යහන 12.15ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විමට නියමිත බව වාර්තා වෙයි.

අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පස්වරු 03ට සංචාරය නිමා කරමින් පිටත්ව යාමට නියමිතව ඇත.