News

යටිනුවර විදියේ පස් මහල් ගොඩනැගිල්ලක් ගිනිගනී

මහනුවර යටිනුවර වීදීය ප්‍රදේශයේ පිහිටි පස් මහල් ගොඩනැගිල්ලක අද උදෑසන ගින්නක් හටගෙන ඇත.

එම ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවන රථ 4 ක් පිටත් කර යවා ඇති අතර එම ගොඩනැගිල්ලේ සිටි කිහිප දෙනෙකු බේරාගෙන ඇති බවත් ඒ අතර කුඩා දරුවන් ද සිටි බවත් පොලිසිය සඳහන් කරයි.

මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා ඇත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.