News

යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් තරුණියන් දෙදෙනෙකුට මරුට

කොළඹ, අවිස්සාවේල්ල මාර්ගයේ පාදුක්ක, මාවතගම ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් යතුරුපැදියක ගමන් ගත් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය කියයි.

ලොරි රථයක යතුරුපැදියක් ගැටීමෙන් ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර එම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 19 සහ 20 යන වයස්වල පසුවන කොස්ගම සහ වැලිකන්න ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.