News

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු බැංකුවක් අසළදී ලක්ෂ 26ක් කොල්ලකා පලා යයි

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු බොරලැස්ගමුව පෞද්ගලික බැංකුවක් අසළදී රුපියල් විසි හය ලක්ෂයක පමණ මුදලක් කොල්ලකා පලා ගොස් ඇත.

මෝටර් රථයකින් පැමිණි ව්‍යාපාරිකයකු මුදල් රැගෙන බැංකුව තුළට යාමේදී මෙම කොල්ලය සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන අතර සැකකරුවන් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව වාර්තා වෙයි.