යතුරුපැදි අනතුරු අවම කර ගන්න විශේෂ මෙහෙයුමක්
යතුරුපැදි මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමේ අරමුණින් පොලීසිය විසින් දින හතරක විශේෂ මෙහෙයුමක් ආරම්භ කිරීමට නියමිතය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අද සිට එම මෙහෙයුම ක්‍රියාත්මක කරන බවයි.
දිවයිනම ආවරණය වන පරිදි එම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ඇත.
අප්‍රේල් මස 03 වැනිදා දක්වා එම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ඒ අනුව එම විශේෂ මෙහෙයුමේදී යතුරුපැදිකරුවන් විශේෂ පරීක්ෂාවකට ලක් කරනු ඇත.