News

යතුරුපැදි ගන්න පොලිසියට කෝටි 15ක්

ශ්‍රී ලංකා පොලිසියට රුපියල් කෝටි පහළොවකට අධික මුදලක් වැය කර යතුරුපැදි හාරසිය අසූවක් (480) මිලදී ගැනීම සඳහා ආරක්ෂක ඇමැතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුමැතිය ලැබී ඇත. පොලිසියේ ධාරිතාව වැඩි කිරීම සඳහා යතුරුපැදි මිලදී ගැනීමට නියමිත බව කැබිනට් පත්‍රිකාවේ දක්වා ඇත.

මෙලෙස මිලට ගැනීමට නියමිත (125 CC) එක් යතුරුපැදියක් සියලු බදු ඇතුළත්ව රුපියල් තුන්ලක්ෂ විසිදෙදහස් හයසිය පනහක් (322,650) ලෙසට ගණන් බලා ඇත.

මේ අනුව මෙම යතුරුපැදි හාරසිය අසූව සඳහා වැය කෙරෙන සම්පූර්ණ මුදල රුපියල් පහළොස් කෝටි හතළිස්අට ලක්ෂ හැත්තෑදෙදහසකි (154,872,000) මෙරට සමාගමකින් යතුරුපැදි මිලදී ගැනීමට නියමිතය.

සාලිය කුමාර ගුණසේකර