යසන්ත කෝදාගොඩ අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධූරයේ දිවුරුම් දෙයි
ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා මීට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධූරයේ දිවුරුම් දී තිබේ.
යසන්ත කෝදාගොඩ මහතා අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධූරයට පත්කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ නිර්දේශයට පසුගිය දා ව්‍යවස්ථාදායක සභාවේ ඒකමතික අනුමැතිය හිමිවිය.