යහපාලන ආණ්ඩුවෙන් අල ගොවියාට කෝටි 18 1/2ක පොල්ලක්
යහපාලන ආණ්ඩුව සමයේ කර්මාන්ත හා වාණිජ කර්මාන්ත අමාත්‍යාංශය මගින් බදුල්ලේ ගොවීන්ගෙන් මිලට ගත් අර්තාපල් සඳහා රුපියල් කෝටි 18 1/2ක මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව වැලිමඩ ඌව පරණගම, ගොවිජන එකමුතුවේ සභාපති ඩබ්ලිව්.එච්. ගුණවර්ධන පැවැසීය.
පසුගිය සැප්තැම්බර් 29 වැනි දිනෙන් පසු අර්තාපල් කිලෝවක් රුපියල් 92ක බැගින් බෝගහකුඹුර, නුගතලාව හා කැප්පෙටිපොළ යන මධ්‍යස්ථානවලින් මිලට ගත් අතර එලෙස මිලට ගත් කිලෝ ග්‍රෑම් ලක්ෂ 10කට පමණ මෙසේ මුදල් ගෙවා නොමැත.
එක් ගොවියකුගෙන් අර්තාපල් කිලෝ ග්‍රෑම් දසදහස බැගින් මිලට ගෙන ඇති අතර එසේ මිලට ගත් අල තොග කොළඹට ප්‍රවාහනය කළ වාහන සඳහාද රුපියල් ලක්ෂ 33ක කුලියක ගෙවීමද පැහැර හැර ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වය මත මහකන්නයේ වගාවන් කිරීමට අවශ්‍ය බීජ ගැනීමට නොහැකි තත්ත්වයක් හා පසුගිය යල කන්නයේ වගාවන් සඳහා ලබාගත් ණය මුදල්ද ගෙවා ගැනීමට නොහැකි වී ඇති බව සභාපතිවරයා සඳහන් කළේය.