News

යහපාලන දූෂණ කොමිසමට 70%ක් පෞද්ගලික පැමිණිලි

යහපාලන ආණ්ඩුව සමයේ රාජ්‍ය ආයතනවල සිදුවූ බව කියන දූෂණ හා වංචා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන ජනාධිපති කොමිසමට ලැබී ඇති පැමිණිලිවලින් සියයට හැත්තෑවක් (70%) පෞද්ගලික කාරණා සම්බන්ධ පැමිණිලි බව එහි උසස් නිලධාරියෙක් පැවැසීය.

රාජ්‍ය ආයතනවල සිදුවූ දූෂණ අක්‍රමිකතා වංචා ආදිය සම්බන්ධ පැමිණිලි යොමු කරන ලෙසට දැනුම් දී තිබියදී අධිකරණයෙත් පොලිසියෙත් සිදුවූ බව කියන අසාධාරණයන් සම්බන්ධ පැමිණිලි ද එම කොමිසමට යොමු කර ඇත.

දැනට පැමිණිලි 101ක් ලැබී ඇති අතර ඉන් දෙකක් ලබන 28 වැනි දින සිට විභාග කිරීමට නියමිත අතර ඒ සඳහා පොලිස් ඒකකයක් පිහිටුවන ලෙසද කොමිසම විසින් පොලිස්පති පූජිත ජයසුන්දරට ලිඛිතව දන්වා තිබේ.

චමින්ද සේනාරත්න