News

යහපාලන දූෂණ සොයන කොමිසම 28 වැනිදා සිට වැඩ අරඹයි

යහපාලන ආණ්ඩුව සමයේ සිදු වූ බව කියන දූෂණ හා වංචා සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ විමර්ශන මෙම 28 වැනි දින සිට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටුවා ඇති විමර්ශන ඒකකයේ දී ඇරඹීමට නියමිතය. එහි පළමු විමර්ශන පැමිණිලි දෙක ලෙස ලංකා විදුලිබල මණ්ඩලය හා ශ්‍රී ජයවර්ධනපුර රෝහල සම්බන්ධයෙන් සිදුව ඇතැයි කියන අක්‍රමිකතා ගැන සාක්ෂි විමසීමට නියමිත බව වාර්තා වේ.

කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ මූලිකත්වයෙන් පසුගිය සතියේදී කොමිසම රැස්වූ අතර මුලින්ම ලැබුණු පැමිණිලි 48 න් අදාළ පැමිණිලි දෙක තෝරාගෙන ඇත. පසුගිය සති අන්තය වන විට කොමිසමට පැමිණිලි 88 ක් ලැබී තිබේ.

විදුලිය මිලදී ගැනීමක් සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවකට හා ශ්‍රී ජයවර්ධනපුර රෝහල් අධ්‍යක්ෂවරයාගේ මුදල් අවභාවිතාව පිළිබඳ චෝදනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පොදු දේපොළ සුරැකීමේ සංවිධානය ඉදිරිපත් කළ පැමිණිලි දෙක ඒ අනුව මුලින්ම විමර්ශනය කෙරෙයි.

චමින්ද සේනාරත්න