News

යාන්ඔය ආශ්‍රිත උළු කර්මාන්තපුරයක්

යාන්ඔය ආශ්‍රිතව උළු නිෂ්පාදන කර්මාන්තපුරයක් ස්ථාපිත කිරීමට පරිසර අමාත්‍යාංශය සැළසුම් කර තිබේ.

රටට අවශ්‍ය සියලු උළු ඉදිරි කාලය තුළ යාන් ඔය හා අම්පාර මැටි නිධි ආශ්‍රිතව නිෂ්පාදනය කිරීමට අවධානය යොමුව ඇති බව පරිසර අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම මැටි නිධි දෙකෙහි ඇති මැටි ප්‍රමාණය වසර 200කට තරම් ප්‍රමාණවත් බව ද හෙළිදරව් වී තිබේ.

යාන් ඔය මැටි නිධිය පිළිබඳව කරුණු සොයා බැලීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ඇතුලු කණ්ඩායමක් පසුගියදා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත විය.

උළු කර්මාන්තපුරයක් පිහිටුවීම සඳහා රටේ උළු කර්මාන්තකරුවන් සමග සාකච්ඡා කර ඔවුන්ට අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික සියලුම පහසුකම් රජය මගින් ලබා දෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.