යාන්ත්‍රික කියත් ලියාපදිංචිය හෙටින් අවසන්
යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීම සඳහා ලබාදී තිබූ කාලය හෙටින් අවසන් වන බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනිකව හෝ පුද්ගලිකවම භාවිත කරන සියළුම යාන්ත්‍රික කියත් ලඟම ඇති පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර අද(27) සහ හෙට(28) යන දෙදින තුළ ලියාපදිංචි බලපත්‍රයක් ලබාගත යුතු බව සඳහන් කරයි.
ලියාපදිංචියෙන් පසු හදුනාගැනීම සඳහා විශේෂ බලපත්‍රයක් සහ අංක තහඩුවක් නිකුත් කෙරෙන බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළ අතර වන විනාශය පාලනය කිරීම යාන්ත්‍රික කියත් භාවිතයෙන් සිදුවන ජාවාරම් නතර කිරීම සහ ගස් කැපීම නියාමනය කිරීම මෙම වැඩසටහනේ අරමුණ වී ඇත.