News

යාපනයෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි

යාපනය ,ගුරුනගර් ප‍්‍රදේශයේ බස් නැවතුම්පොළක් තුළ දමාගොස් තිබූ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකයි ග්රැම් 495 ඊයේ(02) සොයාගත් බව යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් පැවසූවේ නාවික හමුදා බුද්ධි නිලධාරීන්ගෙන් ලැබුණ තොරතුරක් මත සිදුකළ සෝදිසියකදී බස් නැවතුම්පොළක සඟවා තිබියදී සි4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය හමුවු බවයි.

හමුවූ පුපුරණ ද්‍රව්‍ය ඩෙටනේටර් හා බෝම්බ පිපිරවීම සඳහා ගන්නා සේවානූල් කිහිපයක්ද සොයාගත් බව විශේෂ කාර්ය බළකාය පැවසීය.

පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ පුද්ගලයා පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරක් නොමැති අතර එම පුද්ගලයා පිළිබඳ වැඩිදුර විමර්ශන යාපනය පොලිසිය සිදුකරයි.