News

යාපනයේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

වසරේ ගතවු මාස එකහාමාරක පමණ කාලය තුළදී යාපනය ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් 271 දෙනෙකු වාර්තා වි ඇති බව යාපනය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය පවසයි.

යාපනය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය පැවසූවේ පැවසූවේ පවතින වැසි තත්වය් සමඟ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.

යාපනය නගරය හා අවට ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් දක්නට ලැබෙන අතර,යාපනය අර්ධද්වීපය පුරාම ඩෙංගු උවදුර මැඩලීමට ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් දියත්කිරීම සිදුකරන බවද ‍දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය පැවසූහ.

ප්‍රදේශය පුරා වැසි තත්වයේ වැඩිවීමක් පවතින බැවින් ඩෙංගු මදුරු මර්දනය වෙනුවෙන් ජනතාව සිය නිවෙස් අවට ප්‍රදේශ පිරිසිදු කරගන්නා ලෙසද සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් ඉල්ලා සිටිති.