යාපනයේ සුසාන භූමියක අධිබලැති පුපුරණද්‍රව්‍ය
යාපනය චෙම්මිණි ප්‍රදේශයේ සුසාණ භූමියක බෑගයක් තුළ අධිබලැති පුපුරණද්‍රව්‍ය තොගයක් අද (08) දින සොයාගත් බවට යාපනය පොලීසිය සඳහන් කරනවා.
මෙලෙස සොයාගත් ද්‍රව්‍ය අතරට අධිබලැති පුපරණද්රව්ය කිලෝ 02 ක් සහ ඩෙටනේටර් ඇතුලත් බව සඳහන් ය.
චෙම්මිණි සුසාණ භූමිය අසල සැකකටයුතු පාර්සලයක් දමා ගොස් ඇති බවට ලැබුනු තොරතුරකට අනුව යුද හමුදාව, පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය අදාල ස්ථානයට ගොස් සිදු කරන ලද පරික්ෂාවකදී සුසාණ භූමියට පිවිසෙන දොරටුව ආසන්නයේ සුදු පැහැති පොලිතීන් බෑගයක දමා තිබියදී සොයාගෙන ඇත.
බෑගය ඊයේ (07) රාත්‍රියේ කිසියම් පුද්ගලයෙකු විසින් ගෙනවිත් එම ස්ථානයට දමන්නට ඇති බවට ආරක්ෂක අංශ සැක පළකරනවා. මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් පුලුල් පරික්ෂණයක් අරඹා ඇත.