යාපනය විශ්ව විද්‍යාල සිසුන් අතර ගැටුමකින් තිදෙනෙකුට තුවාල
යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සිව්වැනි වසරේ සිසුන් සහ දෙවැනි වසරේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් විශ්ව විද්‍යාල සිසුන් තිදෙනෙකු ඊයේ(11) රාත්‍රියේ තුවාල ලබා රෝහල් ගත කළ බව යාපනය පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ කන්දර්මඩම් ප්‍රදේශයේ දී යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍ය පීඨයේ සිව්වැනි වසරේ සිසුන් පිරිසක් හා දෙවැනි වසරේ සිසුන් පිරිසක් අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් ගැටුම සිදුව ඇති බවද පොලිසිය පැවසීය.
තුවාලකරුවන් යාපනය රොහලට ඇතුළත් කොට ඇති අතර, තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන බවද පොලිසිය පැවසීය. පොලිසිය පැවසූවේ සිවවන වසර සිසුන්ට දෙවැනි වසර සිසුන් ගරු නොකිරීමේ ගැටළුවක් මත ගැටුම හටගෙන ඇති බවට අනාවරණය වී ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් සිසුන්ගෙන් කටඋත්තර ලබාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
වවුනියාව – මාධව කුලසූරිය