යාපනය සරසවියේ ශිෂ්‍ය සංගමයේ ප්‍රධානියාට සහ ලේකම්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප වෙයි
යාපනය සරසවියේ නේවාසිකාගාරයේදි අත්අඩංගුවට ගත් එම සරසවියේ ශිෂ්‍ය සංගමයේ ප්‍රධානියා සහ එහි ලේකම්ට ඇප ලබාදීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත මොවුන් ඉදිරිපත් කළ අවස්ථාවේදී විනිසුරු විසින් සදහන් කර ඇත්තේ මොවුන්ට ඇප ලබාදීමට තමන්ට බලයක් නොමැති බවය.
ඒ අනුව සැකකරුවන් ලබන 16 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
පසුගිය 3වැනි දින යාපනය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී එල්.ටී.ටී.ඊ නායකයාගේ ඡායාරූප සහ දුරදක්නයක් , ආරක්ෂක අංශ පලදින ආකාරයේ සපත්තු යුගලයක් සමග මොවුන් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.