යෝජනාව ළඟදීම පාර්ලිමේන්තුවට – මැතිවරණ ක්‍රමයත් වෙනස් වෙන ලකුණු
විධායකය අහෝසියට
සියලු පක්ෂ එකඟ වෙයි
මෛත්‍රීට නාමමාත්රික ජනාධිපති ධුරය
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට වග කියන අගමැතිවරයකුට බලය පැවරෙන යෝජනාවකට සියලුම පක්ෂ නායකයින්ගේ එකඟත්වය ලැබී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
විධායක ජනාධිපති ධුරය අහෝසි කර වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විධායක නොවන නාමමාත්ර ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුවට පත් කර ගැනීමට සැලසුම් කර ඇත. එහිදී පළාත් සභා සම්බන්ධයෙන් හා ආණ්ඩුකාරවරුන් පත් කිරීමේ බලය සම්බන්ධයෙන්ද, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන අය අවසන් එකඟතාවකට පැමිණ තිබේ.
ජනතා විමුක්ති පෙරමුණද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර දෙමළ ජාතික සන්ධානයද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවට කැමැත්ත ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අදාළ යෝජනාව මෛත්‍රීපාල සිරිසේන විසින් කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ළඟදීම ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.
ඉන්පසු පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක බහුතර බලයෙන් සම්මත කිරීමෙන් ජනමත විචාරණයකින්ද අනුමැතිය ලබා ගත යුතු වේ.