රංගේ අල්ලස් කොමිසමට යයි
2018 වසරේ ඔක්තෝබර් මස 26 වැනිදා පත්වූ ආණ්ඩුවට එක්වන ලෙසට තමන්ට අල්ලස්දීමට උත්සාහ කළ අවස්ථාවල සියලු සාක්ෂි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට අද (02) භාරදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.
තමන්ට දුරකථනයෙන් කතාබහ කළ සියලුමදෙනාගේ හඬපට, ලේඛන ඇතුළු තොරතුරු අල්ලස් කොමිසමට භාරදුන් බවයි මන්ත්‍රීවරයා සදහන් කළේ.
මෙම අවස්ථාවට සුජීව සේනසිංහ, ආශු මාරසිංහ, විජේපාල හෙට්ටිආරච්චි, මුජිබර් රහුමාන්, හේෂා විතානගේ, චමින්ද විජේසිරි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද එක්ව සිටියා.
ඡායාරූප – සමන් අබේසිරිවර්ධන