News

රක්ෂණ ඔප්පු හිමියන් සඳහා සහන දෙන්න තීරණයක්

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්ව සිටින රක්ෂණ ඔප්පු හිමියන් සඳහා සහන සැලසීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ මත මෙම සහන හිමි වේ.

ඒ බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

රක්ෂණ වාරික ගෙවිම සඳහා මාස 03ක සහන කාල සීමාක් ලබාදීමට කටයුතු කර ඇති බව සඳහන්.

එම සහන කාල සීමාව සාමාන්‍ය රක්ෂණ ඔප්පු හිමියන්ට මෙන්ම ජිවිත රක්ෂණ ඔප්පු හිමියන්ට ද අදාල වන බව ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සඳහන් කළේය.

සහන කාල සීමාව තුළ රක්ෂණ ඔප්පු ප්‍රාණවත්ව පවතින බැවින් රක්ෂණ ඔප්පුවේ ප්‍රතිලාභ වලට කිසිදු බලපෑමක් සිදු නොවේ.