News

රජමල්වත්තේ කෘෂිකර්ම ‘සුදුඅලියා’ තවමත් නිදැල්ලේ – වැඩ නැති පාර්ලිමේන්තු සේවකයන්

පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා රැස්වීම් පැවැත්වීමට බත්තරමුල්ල රජමල්වත්ත පාරේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ල ලබා ගැනීමට තීරණය කර වසර තුනක් ගත වී තිබුණත් පසුගිය සතියේ සිට ලහි ලහියේ ඒ සඳහා සේවකයන් විසි දෙනකු පමණ යෙදවීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) ප්‍රධාන නිලධාරින්, නියෝජ්‍ය ප්‍රධාන නිලධාරිවරුන් තිදෙනකු, සහකාර ප්‍රධාන නිලධාරින් තිදෙනකු ඇතුළු පාර්ලිමේන්තු නිලධාරින් විසි දෙනකු පමණ දිනපතා එහි සේවයට යොදවා ඇත.

කෙසේ වෙතත් එම නිලධාරින් සිය කාලය කා දමමින් සිටින්නේ නියමිත රාජකාරියක් නොමැති වීමත්, තවමත් එයට අවශ්‍ය පහසුකම්වත් නොමැති වීමත් නිසාය. මෙම කණ්ඩායම පෙරවරුවේ පාර්ලිමේන්තු බස් රථයෙන් එම කාර්යාලයට රැගෙන යන සේවකයන් දහවලට යළි ආහාරය සඳහා රැගෙනවිත් යළිත් ආපසු කාර්යාලයට රැගෙන යන බව වාර්තා වේ. මෙම ගොඩනැගිල්ල ලබා ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වාද විවාද සිදු වන අතර එයින් මිදීම සඳහා සේවකයන් එහි සේවයට යොදවා ඇති බව වාර්තා වේ.